අද පෙරවරුවේ කාර්යාල දුම්රිය දහයක ගමන් වාර අවලංගු කිරීමට කටයුතු කර තිබේ.
ඊට හේතුවී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 500ක් පසුගිය දෙසැම්බර් 31 වෙනි දින විශ්‍රාම යාමයි.
පවතින ගැටළුවට විසඳුමක් ඉක්මනින් සකසන බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීන්දුවක් මත වයස අවුරුදු 60 සම්පූර්ණ කරන සියළු සේවකයන් දෙසැම්බර් මස 31 වන දින විශ්‍රාම ගැන්වීමට කටයුතු කරයි.
දුම්රිය අවලංගු වීම හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් රැසක් පීඩාවට පත්ව සිටි.
0 Comments