වැටුප් මත බද්ද අද සිට...

 

අයවැයෙන් යෝජිත බදු සංශෝධන ඇතුළු තීන්දු තීරණ කිහිපයක් අද (01) සිට ක්‍රියාත්මකයි.


ඒ අනුව අද සිට බලපැවැත්වෙන මාසික වැටුප් සඳහා පුද්ගලික ආදායම් බදු අය කිරීමද සිදුවනවා.


ඒ අනුව මාසික වැටුප රුපියල් 150,000 ක් නම් මාසිකව රුපියල් 3500 ක බදු අයකිරීමක් සිදුවනවා.


මාසික වැටුප රුපියල් ලක්ෂ 02 ක් නම් මාසිකව අයවන බදු මුදල රුපියල් 10,500 ක්. රුපියල් 250,000 ක මාසික වැටුපක් ලබන පුද්ගලයෙකු රුපියල් 21,000 ක්ද, රුපියල් 300,000 ක වැටුපක් ලබන අයෙකු රුපියල් 35,000 ක් ද බදුවශයෙන් ගෙවිය යුතු වනවා.


350,000 ක මාසික වැටුපක් ලබන අයෙකු රුපියල් 52,500 ක් ද, රුපියල් ලක්ෂ 04 ක වැටුපක් ලබන අයෙකු රුපියල් 70,500 ක්ද , රුපියල් ලක්ෂ 05 ක වැටුපක් ලබන අයෙකු 106,500 ක්ද බදු වශයෙන් ගෙවිය යුතු වනවා.


එමෙන්ම, රුපියල් 750,000 ක වැටුපක් ලබන අයෙකු මාසිකව රුපියල් 196,500 ක්ද බදු වශයෙන් ගෙවිය යුතු අතර රුපියල් දස ලක්ෂයක වැටුපක් ලබන අයෙකුගෙන් මාසිකව අයකරන බදු මුදල රුපියල් 286,500ක්.


කෙසේ වෙතත්, අද සිට බලාත්මක පෞද්ගලික ආදායම් බද්ද රුපියල් ලක්ෂය දක්වා වැටුපක් උපයන අයෙගෙන් අයනොකරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.


ආයතනික ආදායම් බදුවලද යම් සංශෝධන සිදුවන අතර සම්මත, භාණ්ඩ හා සේවා අපනයන, කෘෂි සැකසුම්, අධ්‍යාපන, සංචාරක, ඉදිකිරීම් සහ සෞඛ්‍ය සේවා යන අංශ සඳහා එහි අගය 30% ක්.

Post a Comment

0 Comments