කහටගස්දිගිලිය, ඊතලවැටුනවැව ප්‍රදේශයේ වෙල්යායකදී ඊයේ (03) රාත්‍රීයේ පුද්ගලයෙකු කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.
කුඹුරට ජලය හැරවීමේදී ඇයගේ ඥාති පුත්‍රයා සමග ඇති කරගන්නා ලද බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ඊතලවැටුනවැව, මහපොතාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පහරකෑමට ලක්වූ කාන්තාව එම ස්ථානයේදී මිය ගොස් ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි සැකකරු කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත බාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
0 Comments