ලංගම බස් රියදුරෙකු ඝාතනය කෙරේ...

 

මීගමුව ඩිපෝවේදි ලංගම බස් රථ රියැදුරෙකු ඝාතනය කර තිබේ.


අදාළ රියදුරු ධාවනය කරන ලද බස් රථයේ කොන්දොස්තරවරයා විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙම රියදුරු ඝාතනය කර ඇත.


අද (24) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ පිළිබඳ අනාවරණය කළේය.


එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඔවුන් දෙදෙනා අතර මුදල් බෙදාගැනීමේදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපළ කරන බවය.

Post a Comment

0 Comments