සේපාල අමරසිංහ නම් තැනැත්තෙකු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ලෝවැසි සියලු බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වුණ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අන්දමින් සිදු කර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
කැලණිය දුම්රියපොළ පාරේ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අහුන්ගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන් වහන්සේ විසින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් පොලිස්පති සි. ඩී වික්‍රමරත්න වෙත යොමු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් බෞද්ධ කටයුතු පිරිපත පිළිබඳ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම හමුවට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළ බව එම නිලධාරියා කීය.
දේශීය පමණක් නොව විදේශීය රටවල ද බෞද්ධ අබෞද්ධ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී ඇති සී දන්ත ධාතුන් වහන්සේට මේ ආකාරයෙන් නිගරු කිරීම බරපතළ තත්ත්වයක් බවත් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතට අදාලව සහ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වගන්ති වලට අදාළව දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ලිඛිත පැමිණිල්ලෙන් ඉල්ලා ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවසීය.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බව උසස් පොලිස් නිලධාරියා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් විමර්ශන සිදු කෙරෙනු ඇත.
0 Comments