ලොව පලමු රැකියාව හා ජවිපෙ දේශපාලනය

 


ලොව පලමු රැකියාවේ නිරතවන්නන්, එන ඕනෑම කෙනෙක් සමග යමින්, සිය කෙටිකාලීන අවශ්‍යතා ඉටුකරගනී. තමාට වෙළඳපොලේ ඇති ඉල්ලුම ඉතා අඩුවන විට, භාවිතා කල නම (උදා - රතු අක්කා) හා විලාසිතා වෙනස් කර, අලුත් නමකින් (උදා - මිස් පර්පල්) හා අලුත් පෙනුමකින් වෙළඳපොලට පැමිණෙයි. පැමිණ යම්කාලයක් ඉහල ඉල්ලුමක් පැවතියත්, මේ පැමිණ ඇත්තේ පරණ කෙනා බවට ක්‍රියාවෙන් ඔප්පු වීමෙන් අනතුරුව, පෙර තිබූ අඩු ඉල්ලුමද ක්ෂය වේ.


ජවිපෙත්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, රනිල්, ෆොන්සේකා, මෛත්‍රීපාල වැනි අය සමග කලින් කලට එකතුවී, සිය ප්‍රතිපත්තිමය එකඟතා කඩකල නිසා, 3% දක්වා ඡන්ද පදනම අඩුවිය. සිය නම (ජනතා විමුක්ති පෙරමුණ) හා පාට (රතු) වෙනස් කර, අලුත් නමකින් (ජාතික ජන බලවේගය) හා පාටකින් (දම්) කරලියට පැමිණ,  පැරණි පාක්ෂිකයන් පමණක් නොව,ජීවිතේට ජවිපෙ සමග එකතු නොවූ වෘත්තීයවේදීන් බොහෝ දෙනෙක් පවා, අනිත් දේශපාලන පක්ෂ වල හෙළුව පෙන්වා ආකර්ෂණය කරගෙන ඇත. වැඩිකල් යන්නට මත්තෙන්, මොවුන්ගේ හෙළුවද සමාජයට ආවරණය වී, පැරණි 3%ක් වූ ඡන් පදනමද අවලංගු වනු ඇත.


- යෙනුක සිසිල්චන්ද්‍ර

Post a Comment

0 Comments