පොලීසියේ ලොකු පුටු වෙනස් කරයි...

 

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙකුට ස්ථානමාරු වීම් ලබාදී තිබේ.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා තනතුරේ සේවය කළ ඩී.ජී.එන්. ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස ස්ථාන මාරු කර තිබේ.


උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. එල්. එස්. ප්‍රියන්ත එම තනතුරේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු වීම් සිදුකර ඇත.


මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ දැනුම්දීම මත රාජකාරි අවශ්‍යතාව සලකා ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අදාළ තනතුරුවලට පත්කිරීම් සහ ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩබැලීම සඳහා පත්කර තිබේ.


එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 17දෙනෙකු සහ වැඩ බලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ස්ථානමාරුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


පොලිස් අධිකාරිවරුන් 13දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහාත්, පොලිස් අධිකාරිවරුන් 08දෙනෙකු ස්ථාන මාරු කිරීම් ද සිදුකර ඇති බව සඳහන්ය.


මීට අමතරව සහකාර පොලිස් අධිකාරිවරුන් 19දෙනෙකු හා කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. 


Post a Comment

0 Comments