ඉතාලියේ සුපිරි පාපන්දු තරුවක් දිවියෙන් සමුගනී...

 

ලෝක පාපන්දු පිටියේ තවත් සුපිරි ක්‍රීඩකයෙකු දිවියෙන් සමුගෙන තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ අතිශය ජනප්‍රිය හිටපු පාපන්දු ක්‍රීඩක Gianluca Vialli මෙලෙස මියගොස් ඇති බවයි. 


මියයන විට ඔහු 58 හැවිරිදි වියේ පසුවිය.


පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


වර්ෂ 1986 සහ 1990දී ඉතාලි පාපන්දු කණ්ඩායම නියෝජන කරමින් ලෝක කුසලාන සඳහා පිටියට පිවිසුනු Gianluca ප්‍රබල ක්‍රීඩා සමාජ වන Chelsea සහ Juventus ද නියෝජන කර තිබේ.

Post a Comment

0 Comments