පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසමේ සිදුවී තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ පළාත් පාලන මැතිවරණය කැඳවීමේ ගැසට්ටුව නිකුත් කිරීමට ආසන්න අවස්ථාවක ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තරයේ ඇතිව තිබෙන බෙදීමක් සැලකිල්ලට ගෙනය.
ඉහත බෙදීමට අනුව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සමඟ සුළුතරයක් පමණක් සිටීම හේතුවෙන් ඉදියේදී ගතයුතු පියවර පිළිබඳව වහාම නීතිපති උපදෙස් ගැනීමට රජය වැඩිදුරටත් අදහස් කර තිබේ.
මැතිවරණය පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිසමේ කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම බරපතල අභ්‍යන්තර බෙදීමක් ඇතිවීමට මූලික හේතුව බව දැනගන්නට තිබේ.
මැතිවරණ කොමිසමේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් පවතින තත්ත්වය යටතේ නාම යෝජනා කැදවූවත් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ නිරික්ෂණ සංවිධානවල අදහස බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12කට වැඩි මුදලක් අවශ්‍ය වුවත් අය වැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 ක් නිසා සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බව බහුතරයකගේ අදහස වී ඇතැයි රජයේ ප්‍රකාශකයා කීය.
රාජකාරි වෙනුවෙන් පැමිණෙන රජයේ සේවක ගෙවීම් මෙන්ම ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සහ අහාර වෙනුවෙන් ගෙවීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොලද හොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බව මැතිවරණ කොමිසමේ පිරිසකගේ අදහස වී ඇතැයි රජය පවසයි.
0 Comments