ශ්‍රී ලංකා පිලෙන් ඉන්දියාවට ප්‍රබල ඉලක්කයක්


ඉන්දීය කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන දෙවන පන්දුවාර විස්ස තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුණු 206ක් රැස්කර ගැනීමට සමත් විය.


ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් නායක දසුන් ශානක පන්දු 22කදී ලකුණු 56ක් ලබාගැනීමට සමත් විය.


ඊට දැවැන්ත හයේ හර 6ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.


කුසල් මෙන්ඩිස් ලකුණු 52ක් රැස්කර ගත්තෙ පන්දු 31කදීය.


ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.


චරිත් අසලංක ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් විය.


පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනුවෙන් උමරන් මලික් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.


මෙම තරගය ජය ගැනීම සදහා ඉන්දීය පිල ලකුණු 207ක් රැස්කර ගත යුතු වේ.

Post a Comment

0 Comments