සියලු රාජ්‍ය ආයතනවල හෙට (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබේ.
ඒ, 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස ය.
ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇත.
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු හෙට (05) සිදුකිරීමට නියමිතය.
0 Comments