ඩොලරය හමුවේ රුපියල ඉහළට...

 

මෙම වසරේ ජනවාරි 20 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.3කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


කෙසේවෙතත් අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් අවප්‍රමාණය වී ඇත.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.


මේ අතර 2022 ‌දෙසැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 274.42 ක් මිල දී ගෙන ඇති බවත්, ඩොලර් මිලියන 170.64 ක් විකුණා ඇති බවත් අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

Post a Comment

0 Comments