2023 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (5) පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසයි.
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සහ බද්දටදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට දින පැවැත්වීමට නියමිතයි.
එහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පෙරවරු 9:30 සිට පෙරවරු 10:30 දක්වා කාලය වෙන් කෙරෙනු ඇත.
රජය ගෙනෙන යෝජනාවකට අනුව සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක්ද හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
0 Comments