සියළු කොමිෂන් සභාවලට නව නියෝජිතයන්.. ව්‍යවස්ථා සභාව උණුසුම්..

 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ ව්‍යවස්ථා සභාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

ස්වාධීන කොමිෂන් සභාවලට නියෝජිතයින් පත් කිරීමට පුවත්පත් දැන්වීම් පළ කිරීම පිළිබඳව ඇතිවූ සාකච්ඡාවේදී මෙම උණුසුම් තත්වය ඇතිව ඇත.

එහිදී විපක්ෂ නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ මේ මොහොතේ මැතිවරණයක් කැඳවා ඇති නිසා මැතිවරණ කොමිෂන් සභාවට අලුත් පුද්ගලයන් පත්කිරීමට දැන්වීම් පළ කිරීම නුසුදුසු බවය. මැතිවරණ කොමිෂන් සභාව හැර අනිත් කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් පත් කිරීමේ ගැටලුවක් නැති බවද ඔවුන් පෙන්වා දී ඇත.

ඊට ප්‍රතිචාර ලෙස කතානායකවරයා ඇතුළු පාර්ශවය පෙන්වා දී ඇත්තේ දැන්වීම් පළ කළ ද මැතිවරණ ක්‍රියාවලියට බාධාවක් සිදු නොවන බවත් මෙම ක්‍රියාදාමය ආරම්භ වීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වනු ඇති බවත්ය.

ඒ අනුව සියලු කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීම් පළ කිරීමට ව්‍යවස්තා සභාව තීන්දු කර ඇත.

Post a Comment

0 Comments