චීනයේ එකගතාව ප‍්‍රමාණවත් නෑ..- එකම බලාපොරොත්තුව බිදිමින් IMF කියයි…

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමිකරුවකු වන චීනය තම ණය ආපසු ගෙවීම සඳහා ලබාදී ඇති වසර දෙකක සහන කාලය කිසිසේත්ම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා ප්‍රමාණවත් නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකම් ලබා දීමට නියමිතව ඇත්තේ චීනය, ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ ණය හිමියන් ගේ පූර්ණ එකඟතාවය ලබා දීමෙන් පසුවයි. ‍

ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉන්දියාව සිය කැමැත්ත දැනුම් දී ඇති නමුත් චීනය ලබාදී ඇත්තේ ණය ආපසු ගෙවීම් සඳහා වසර දෙකක සහන කාලයකි.

මේ අතර ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම සඳහා පැරිස් සමාජය වසර 10 ක සහන කාලයක් ලබා දීමට එකඟ වී ඇති බවද එම පුවතේ තවදුරටත් දැක්වේ.


Post a Comment

0 Comments