ඇමති කංචන ට PUCSL සභාපතිගෙන් පිළිතුරු...

 



විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති අමාත්‍යවරයෙක් පත් කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.


අද සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


පසුගිය දිනක මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කළ යුතු බවට අමාත්‍ය කංචන විජේසේකර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනක රත්නායක පවසා සිටියේ, තමාව ධුරයෙන් ඉවත් කිරීම එතරම් ලේහෙසි පහසු කාර්යයක් නොවන බවය.


මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ජනක රත්නායක,

"මම දැක්වා ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් ප්‍රකාශයක් කරනු ලැබුවා මාව මේ උපයෝගිතා කොමිසමෙන් ඉවත් කළ යුතු බව. ඒක එච්චර ලේසි ක්‍රියාවලියක් නොවේ.


වැරැද්දක් තියෙනවා නම් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට සහ මට කරුණු දක්වලා ලිපියක් එවන්න ඕනේ. 


ඇයි මෙහෙම කරන්නේ කියලා අහන්න ඕනේ. ඒකට මට සාධාරණ කාලයක් දිය යුතුයි හේතු දක්වන්න. ඊටත් පස්සේ තමයි 113 කගේ වැඩි ඡන්දයෙන් සාමාජිකයෙක් හෝ මාව හරි අස්කරන්න පුළුවන් වෙන්නේ. ‌


මේක ඉතා විශාල ක්‍රමවේදයක් තියෙන කාර්යයක්. මම නම් ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ කොමිසමේ සාමාජිකයින් හෝ සභාපතිවරයා ඉවත් නොකර ‌මේ විෂය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව කටයුතු කරන විෂය භාර ඇමතිතුමාව අයින් කරලා මේ පිළිබඳව හරි අවබෝධයක් තිබෙන ඇමතිවරයෙක් මේකට පත්කරොත් එහෙම අපිට මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන ඉතා සාධාරණව විසඳා ගැනීමේ හැකියාව තිබෙනවා.

Post a Comment

0 Comments