සජිත්ගේ වේදිකාවෙන් රාජිත පන්නයි.. SJB රැස්වීම් තහනම් කරයි…


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ට එම පක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මතුගම ආසන සමුළුවේදී මතුගම ආසන සංවිධායක ජගත් විතාන මහතා කියා සිටියේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාටත් තම ආසනය තුල පක්ෂයේ සියළු රැස්වීම් තහනම් කර ඇති බවයි.

ඔවුන් දෙදෙනා දරන්නේ සමගි ජන බලවේගය ස්ථාවරයට වඩා සහමුලින්ම වෙනස් ස්ථාවරයක් බවට ද ඔහු චෝදනා කළේය.

පක්ෂයට කොඩිවිනයක් වන මෙම පුද්ගලයන් ප්‍රවර්ධන නොකරන ලෙසද ඔහු පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Post a Comment

0 Comments