සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය හෙට (05) පැවැත්වීමට නියමිතයි.
ඒ පූනෙ හි මහරාෂ්ට්‍රා පිටියේදීයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වනු ඇත.
තරග 3කින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට 1ට 0ක් ලෙස ජයගෙන ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටියි.
හෙට තරගය ශ්‍රී ලංකා පිලට ඉතාමත් වැදගත් තරගයක් වන්නේ තරගාවලියේ ජයග්‍රහණය කරා යාමට නම් හෙට තරගය ජයගැනීම අනිවාර්යවීම හේතුවෙනි.
0 Comments