මාර්තු 01 මුළු රටම නවතී.. ඉතිහාසයේ දැවැන්තම වැඩ වර්ජනය අරඹයි.!

 

රජයට එරෙහිව විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මාර්තු (01) වනදා දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කරයි.

මෙම එක්දින වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයන්ද එක්ව ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයට එක්වනවාද නැද්ද යන්න තීරණය හෙට දින ප්‍රකාශට පත් කරයි.

වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ සදහන් කළේ,

” මේ කැදවන්නේ අපි දන්න ඉතිහාසයේ තිබුණ දැවැන්තම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය, වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය වන 80 වැඩ වර්ජනය නම් එකට එහා ගිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් කරා රජය මේ රටේ වෘත්තිකයන්ව මේ රටේ සමස්ථ වැඩ කරන පන්තිය කැඳවමින් තිබෙන බව තමයි අපිට පෙනෙන්නේ.

ඒ නිසා මේ සියලුම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හෙට දහවල් 12.00 වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැටියට අවසන් තීරණය අපි ප්‍රකාශට පත් කරන්න තීරණය කරලා තියෙනවා”

Post a Comment

0 Comments