අමුත්තන්ගේ රාත්‍රිය"නමින් ආරම්භ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුන් 23 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මැදවච්චිය පොලිසිය පවසයි.
වරෙන්තුකරුවන් නව දෙනෙක්, නීති විරෝධී මත්පැන් ජාවාරම් හා ගංජා සහ හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවන් හය දෙනෙක්, බීමත්ව රිය පැද වූ රියදුරන් හය දෙනෙක්, සහ සැකපිට දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (25)රාත්‍රී 9 සිට අද (26 ) අළුයම 1 දක්වා පැය 4 කාලයක් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම සැකකරුවන් අද මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

0 Comments