මාස 6කට අක්ෂිකාච හිඟවෙයි...

 



ඉදිරිපත්වූ මිල ගණන් යටතේ අක්ෂිකාච ලබා දීමට නොහැකි බව සැපයුම්කරුවන් දැනුම් දීම නිසා රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂිකාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය අනතුරු අඟවයි. අක්ෂිකාච මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මීට වසරකට පෙර ටෙන්ඩර කැඳවා තිබුණි.


එහෙත් පසුගිය වසරේ ඉදිරිපත් කළ මිල ගණන්වලට අක්ෂි කාච සැපයිය නොහැකි බව සැපයුම්කරුවන් අමාත්‍යංශයට දැනුම් දී ඇත. එම නිසා මිල සංශෝධනයක් සිදුකරන ලෙස සැපයුම්කරුවන් අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.


ටෙන්ඩර්කරුවන් එසේ මිල සංශෝධනයක් ඉල්ලා සිටින්නේනම් ඒ සම්බන්ධව මහභාණ්ඩාගාරය වෙත දැනුම් දීමක් සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


මෙය පහසු ක්‍රියාදාමයක් නොවන නිසා අක්ෂි කාච ගෙන්වා ගැනීමේ අර්බුදයකට සෞඛ්‍ය අමාත්‍යංශය මුහුණු දී සිටියි.


මේවනවිට මේ පිළිබඳව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් අක්ෂි විශේෂඥ විද්‍යාතනය සමග සාකච්ජා කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ (වෛද්‍ය සැපයීම්) අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි.

Post a Comment

0 Comments