මාර්තු මාසයේ 09 වනදාට වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් ජන වරමක් නැති බවට සහතිකයක් ලබා දෙන ලෙස ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මහතා ඉල්ලා සිටී.
රටේ ජනතාවගේ කැමැත්ත දිනාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවත් මාර්තු 10 වැනිදා එන ප‍්‍රතිඵලයෙන් පෙන්විය හැකි නම් ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර සුවිශේෂී ජයග්‍රහණයක් මාලිමාව විසින් අත්පත් කර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපතිවරයා පත්ව ඇත්තේද වත්මන් පාර්ලිමේන්තුවෙන් බවත් නමුත් නව පාර්ලිමේන්තුවක් යටතේ ජනාධිපතිවරයාට එම ධුරයේ රැඳී සිටීමට නොහැකි නිසා ඔහුට ද ධුරයෙන් ඉල්ලා ඉවත් වීමට සිදු වනු ඇති බවද පැවසූ දිසානායක මහතා ඉන් අනතුරුව ජනතා පාලනයක් ගොඩනඟන බව ද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අම්බලන්තොට දී පැවති ජාතික ජනබලවේගයේ ජන හමුවක් අමතමිනි.
0 Comments