මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නරුවිලික්කුලම් වෙරල ආසන්නයේ ඉදිවෙමින් තිබූ සුලං විදුලි කුළුණක කොටසක් දොඹකරයක් මතට කඩාවැටීමෙන් රියදුරු සුලු තුවාල ලබා බේරී ඇතැයි වාර්ථාවෙයි.
නරුවිල්කුලම් වෙරල ආසන්නයේ පෞද්ගලික් කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉදිකරමින් ඇති සුලං විදුලි බලාගාරයට අයත් කුළුණු 6 ක් ඉදිකරමින් තිබූ අතරම එහි එක් කුළුණක කොටසක් දොඹකරයක් මාර්ගයෙන් පසුගියදා ඔසවා සවිකිරීමට යාමේදී එකවරම සුලං විදුලි කුළුනේ කොටසක් දොඹකරයක් මතට කඩා වැටී ඇත.
එලෙස කඩාවැටීමට හේතුව මෙතෙක් නිස්චිතවම අනාවරනය වී නැතත් කුළුණේ කොටසක් දොඹකරය මතට වැටුන අවස්ථාවේදී දොඹකරය හසුරවපු පුද්ගලයාගේ දක්ෂතාවය හේතුවෙන් ඔහු සුලු තුවාල පමණක් ලබා බේරී ඇති අතර දොඹකරයට බරපතල හානි සිදුව තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට සුලං විදුලි කුළුණේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා ඇති අතර මේ මස අවසානයේදී නැවත ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද වාර්ථා වෙයි.
මෙම සුලං විදුලි බලාගාරය ඇතුලු කුළුණු ඉදිකෙරෙන ප්‍රදේශය පුද්ගල පදිංචියක් නොමැති ප්‍රදේශයකි.
0 Comments