රටේ ආරක්ෂාව ගැන හිතා සමාජ මාධ්‍යයක් තහනම් කරයි...

 

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ.


එම තීරණය අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

Post a Comment

0 Comments