ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ සහතිකය මදි..- වික්ටෝරියා නූලන්ඩ්

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත මෙරට ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට චීනය විසින් ලබාදී ඇති ණය සහතිකය ප්‍රමාණවත් නැතැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට සඳහා ප්‍රමිතීන්ට ගැලපෙන විශ්වාසනීය සහ නිශ්චිත සහතිකයක් ලැබිය යුතු බව ඇය සදහන් කරයි.

ඇමරිකාවේ අපේක්‍ෂාව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලැබෙනු දැකීම බවත් ඇය කියා සිටී.

මෙරට නිල සංචාරයක යෙදෙන අතරතුර දී ඇය මෙම අදහස් පල කලාය.

Post a Comment

0 Comments