අත-හෙලිකොප්ටරය මුදල් ගැටුමක..


 මෙවර පළාත් පාලන මැතිවරණයට හෙලිකොප්ටරය ලකුණ යටතේ තරග කරන අපේක්ෂකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිණුමෙන් ඇප මුදල් ගෙවීම පිළිබඳව එම පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ ගැටලුවක් මතුවී තිබේ.

මෙසේ මුදල් ගෙවීම් කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන් සඳහාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නිදහස් ජනතා සන්ධානයත් වෙනම තරග කරන ප්‍රදේශවලට පක්ෂයේ අරමුදලින් ඇප මුදල් තැන්පත් නොකරන ලෙසට පක්ශ නායකත්වය දැනුම්දී ඇති තත්ත්වයක් තුළ මෙම කටයුත්ත සිදු වීම ගැන එම පක්ෂය තුළ මෙම ගැටුම ඇති වී තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයට හෙලිකොප්ටරය යටතේ තරඟ කරන අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරමුදලෙන් රුපියල් දස ලක්ෂ විසි හතර දහසක පමණ මුදලක් වැය කර ඇතැයි ද වාර්තා වේ.

එම මුදල නැවත එම පාර්ශ්වයන්ගෙන් අය කර ගන්නා ලෙස පක්ශ නායකත්වය දැනුම් දී ඇත.

Post a Comment

0 Comments