ජාතික රෝහලේ සුළු සේවිකාවක් හෙරොයින් සමග අත්අඩංගුවට…

 


කොළඹ ජාතික රෝහලේ සුළු සේවිකාවක හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක පොලිස් අපරාධ විමර්ශන අංශය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ වටිනා මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟයි.

මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ පොලොන්නරු ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම සේවිකාව කටුනායක ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ජීවත්වන බවයි.

රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගන්නා වූ කුඩා බඳුන් තුළ මෙම මත්ද්‍රව්‍ය සූක්ෂම ලෙස අසුරා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

Post a Comment

0 Comments