මාලිමාවේ අපේක්ෂකයෝ ගැන බොරු මවනවා - විජිත හේරත්...

 

ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන චෝදනා පැහැදිලි සත්‍ය කරුණු නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසීය.


කොළඹදී ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.


එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,


“අපේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් විවිධ බොරු ප්‍රචාර කරමින් මාධ්‍යවලින් ඉදිරිපත් කරනවා. මේ වන විට තංගල්ලේ අපේ අපේක්ෂක අනුර සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. අරුණ පුවත්පතේ අද ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබෙනවා (පුවත්පත පෙන්වමින්) මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් අපේ අපේක්ෂකයා සම්බන්ධයි කියලා. කිසිදු උසාවියක ඔහුට එවැනි චෝදනාවක් ඔප්පු වෙලා නෑ. නමුත්, ආණ්ඩුවේ කට්ටිය පත්තරවල පුවත් මවනවා.


හැබැයි ඒ ප්‍රවෘත්තියේම තියෙනවා ජාතික ජනබලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභා අපේක්ෂක අනුර සේනාරත්න නමැති අයගේ කාර්යාලයේ සිට රුවන්පතිරණ නමැති භාෂා පරිවර්තකයෙකු විදේශ ජාවාරමක් සිදුකළ බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය ඉකුත් 06 වැනිදා හම්බන්තොට අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය කියලා. රුවන්පතිරණ නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයට කරුණු වාර්තා කර තිබේ කියලාත් එහි තියෙනවා. රුවන් පතිරණ කියන කියන පුද්ගලයා අනුර සේනාරත්නට අයිති කාර්යාලයේ ඉඳලා මිනිස් ජාවාරමක් ගැන අත්අඩංගුවට ගැන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒකට තමයි අපේ අපේක්ෂකයා සම්බන්ධ කරලා ලොකු ප්‍රවෘත්ති මවලා බොරු අවලාද නගන්නේ. අපි ඔහුගෙන් පැහැදිලිව කරුණු විමසුවා. මෙවැනි ආයතනයක් ඔහු පවත්වාගෙන ගොස් නැහැ. ඊට සම්බන්ධයක් නැහැ කියලා. එය උසාවියේ තියෙන කරුණක්.’’ යැයි පැවසීය.

Post a Comment

0 Comments