ගුවනින් රත්තරන් ගේන අලුත්ම විදිය...

 

රන් භාණ්ඩ තොග ගුවන් යානය තුළදී කීප දෙනකු බෙදාගෙන රට තුළට ගෙන ඒමේ ජාවාරමක් ක්‍රියාත්මක බව රේගු අංශවලට තොරතුරු ලැබී තිබේ.


මීට පෙරදී විදෙස් ජාවාරම්කරුවන් එක් පුද්ගලයකුට රන් භාණ්ඩ විශාල තොගයක් ලබාදී ඒවා ලංකාවට එවීමට කටයුතු කරනු ලැබීය. නමුත්,මෙලෙස රැගෙන එන රන් භාණ්ඩ රේගුව විසින් දිගින් දිගටම වැටලීම නිසා ගුවන් යානයේදී පුද්ගලයන් කීප දෙනකු ඒවා බෙදාගෙන රටට ඇතුළු කිරීමට කටයුතු කරන බව අනාවරණය වේ.


මෙලෙස රන් භාණ්ඩ බෙදාගන්නා මෙම පුද්ගලයන් ඒවා පළඳගෙන රටට ඇතුළු වන බව රේගු නිලධාරීහු පවසති.


මැද පෙරදිග රටවල්වලින් මෙරටට මෙලෙස රන් භාණ්ඩ වැඩි වශයෙන් රැගෙන එනු ලබයි.

Post a Comment

0 Comments