මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා හෙට (01) සිට ගමන් නොකරන සියලුම පෞද්ගලික බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කරන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන පැවැසීය.
හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම හෙට සිට අනිවාර්ය කර තිබෙන බවත් මේ අනුව එම මධ්‍යස්ථානය ඉදිරියෙන් මගීන් නංවාගැනීම හෝ බැස්සවීම සපුරා තහනම් බවත් ඇමැතිවරයා කීවේය.
රජය ගෙන ඇති මෙම තීරණය ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා ලංකා ගමනාගමන මණ්ඩලය වෙතත් බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙතත් දැනුම් දී තිබේ. මෙම තීරණයට පටහැනිව කටයුතු කරන බස් රථ සම්බන්ධයෙන් රථවාහන නීතියට අනුව නීතිමය පියවර ගන්නා බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ පැවැසීය.
මාර්ග හතකින් කොළඹට දෛනිකව වාහන ලක්ෂ හතක් පමණ පැමිණීම නිසා සිදුවන මාර්ග තදබදය, ඉන්ධන පිරිවැය සහ පරිසර දූෂණය අවම කිරීමේ ව්‍යාපෘතියක් වශයෙන් මාකුඹුර ජාතික බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
0 Comments