පෙර පාසල් ගාස්තු ගෙවා ගැනීමට නොහැකි දරුවන් 37500ක් මෙරට සිටින බව අනාවරණය වී තිබේ.
එම පෙර පාසල් දරුවන්ට මසකට රුපියල් දහස බැගින් වූ පෙර පාසල් ගාස්තු සහන දීමනාවක් මේ වන විට ලබා දෙන බව මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ චන්ද්‍රලාල් ප්‍රේමකුමාර පැවසීය.
පෙර පාසල් ගාස්තු ගෙවා ගැනීමට නොහැකි විශාල පිරිසක් මෙරට සිටින බව අනාවරණය වී තිබෙනවා. එම පිරිස අතරින් පෙර පාසල් දෙමාපිය කමිටු හරහා හඳුනාගත් දුෂ්කර ආර්ථික තත්ත්වයකින් හෙබි පවුල්වල ළමුන් 37500කට ලෝක බැංකු ආධාර මත එක් දරුවකුට මසකට රුපියල් දහස බැගින් සහනයක් ලබා දෙනවා. එක් පෙර පාසලකින් උපරිම වශයෙන් ළමුන් පස් දෙනෙකු තෝරාගෙන එම සහනය ලබා දෙනවා’’ යැයි මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ චන්ද්‍රලාල් ප්‍රේමකුමාර වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments