ඊළග මාලිමා ආණ්ඩුවේ මැති ඇමති සියළු වරප‍්‍රසාද අහෝසියි.. හිටපු ජනාධිපතිවරු නඩත්තුව අතහරිනවා..

 


ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් වරප්‍රසාද අහිමි කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

එවිට මහජන නියෝජිතයන්ද සාමාන්‍ය රාජ්‍ය සේවකයන් තත්වයට පත්වනු ඇති බව ද හෙතෙම පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීම ආණ්ඩුව විසින් අත්හරිනු ඇති බවත් ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප මෙන්ම අමාත්‍යවරුන් ගේ අසීමිත දීමනාද අහෝසි කරන බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් බදුල්ලේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

Post a Comment

0 Comments