මැතිවරණ වැඩට යැවූ පොලිසිය ඉවත් කරයි...

 

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක පිහිටවනු ලැබූ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරිය යොදවන ලද පොලිස් නිලධාරීන් සියලුදෙනා තාවකාලිකව එම රාජකාරියෙන් ඉවත් කරගන්නා ලෙස විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.



මෙම විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කරනු ලැබ ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසිනි.


මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනකු බැගින් යොමුකර සිටි බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘අරුණ වෙබි අඩවියට පැවසීය.

Post a Comment

0 Comments