බදු ප්‍රතිපත්තියට එරෙහිව අද විරෝධතාවක්...

 

නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් අදත් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් සංජීව පැවසුවේ ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.


අද (22) පැවැත්වෙන විරෝධතාවට වෘත්තිය සමිති 40 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.


ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනනායක පැවසුවේ මාස කිහිපයක සිට බදු සංශෝධන ඉවත් කර ගන්නා ලෙස කළ ඉල්ලීමට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් එම උද්ඝෝෂණය සංවිධානය කරන බවයි.

Post a Comment

0 Comments