අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ විසින් අදාළ නිවේදනය නිකුත් කර තිබේ.
එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවයි.
එය රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බවත්, එවැනි යෝජනාවක් හෝ සාකච්ඡාවක් සිදුව නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.

0 Comments