ජනාධිපති මහ මොලකරු බව සජිත් කියයි…

 


ජනාධිපතිවරයා පිස්සුවෙන් මෙන් නන්දොඩවන බවත්,මැතිවරණයක් නැතැයි ප්‍රකාශ කරමින් ඔහු උමතුවෙන් මෙන් හැසිරෙන බවත්, මැතිවරණයක් නැත්නම්, නැති මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දුන්නෙ කෙසේදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නාමයෝජනා කැඳවීමේ දින නම් කොට,මැතිවරණ පවත්වන දිනය නම් කොට සියල්ල තීන්දු කොට තිබියදීත් ජනාධිපතිවරයා පිස්සු කතා කියමින්, විකෘති ලෙස හැසිරෙන බව පැවසූ ප්‍රේමදාස මහතා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමා මැතිවරණ නවත්තන මහමොළකරු වෙන කිසිවෙක් නොව ජනාධිපතිවරයා බවද පැවසීය.

Post a Comment

0 Comments