විදුලි බිල ගෙවිමට කණකර උකස් කරයි..

 ඉන්දියාවෙන් මෙරටට අනයනය කරන බිත්තර මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙලෙන වතුකරයේ ජනතාවට සහන මිලට ලබාදිමට රජය පියවර ගත යුතු බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම වි රාධාක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

පළාත් පාලන මැතිවරණයට කොටගල ප්‍රාදේශිය සභාවට සමගි ජනබලවේගයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (26) දින පස්වරුවේ කොටගල නගරයේ උත්සව ශාලාවක පැවති රැස්විමකදි පා.ම වි රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු වි රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ ආනයනික බිත්තර බේකරි හිමියන්ට සහනදායි මිලට ලබා දි බේකරි නිෂ්පාදන මිල අඩු කිරිමට රජය අවධානය යොමු වි ඇති බවයි.

මන්දපෝෂණයෙන් පෙලෙන වතුකරයේ ජනතාවට ආනයනික බිත්තර සහනදායි මිලට ලබා දි එම ජනතාවගේ මන්ද පෝෂණ තත්ත්වය නැති කිරිමට පියවර ගන්නා ලෙසද වි රාධාක්‍රිෂ්ණන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

විදුලි බිල වැඩි කිරිම නිසා වතුකරයේ ජනතාව සතු කනකර උකස් කර විදුලි බිල් ගෙවා ඇති බවත්, ඉදිරියේදි විදුලි බිල ගෙවිමට කනකර පවා නොමැති විම හමුවේ නිවාස වලට ලබාගෙන ඇති විදුලි සම්බන්ධතාවය විසන්ධි වන බවද වි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

රටේ ජනතාවගේ ජිවන වියදම වැඩි කර රෝගින්ට අවශ්‍ය ඖෂධ වර්ග පවා රෝහල් වලට ලබා නොදි මෙම රජය පවත්වාගෙන යන බවත්, මෙවැනි රජයක් තුලින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන නිසා මෙම රජය රටේ ජනතාවට අවශ්‍ය නොවන බවයි වි රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

Post a Comment

0 Comments