ලෝකයේ විශාලතම ගෙම්බා ලෙස සැලකෙන ගෙඹි විශේෂයක් වඳ වී යාම වැළැක්වීම සඳහා මේ වනවිට සංරක්‍ෂණ කණ්ඩායම් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බව සඳහන් වේ.
මෙම ගෙඹි විශේෂය හැඳින්වෙන්නේ ගොලායත් ගෙම්බන් යන නමිනි.
මෙම ගෙම්බන් නිවෙස්වල ඇති කරන බළලුන් තරම් විශාලය. ඔවුන් අඩියකට වැඩි දිගකින් යුතු බවත්, කි. ග්‍රෑ. 3.25ක පමණ බරකින් යුතු බවත් සඳහන් වේ. එක්වටෝරියල් ගිනියාව, කැමරූන් වැනි රටවල ඔවුහු බහුලව ජීවත් වෙති. මෙම ගෙම්බන් වඩාත් දැකිය හැකි වන්නේ ගංගා සහ ජලාශ ආශ්‍රිතවය. ගොලායත් ගෙම්බන් ආහාරයට ගැනීමට ඉහත කී රටවල මිනිසුන් පුරුදු වී සිටීම ඔවුන් වඳ වෙමින් සිටීමට එක් හේතුවකි. එමෙන්ම මෙම ගෙම්බන්ගේ වාසස්ථාන මිනිස් ක්‍රියාකාරකම් නිසා හෙළපෙහෙළි වෙමින් තිබීමද තවත් හේතුවක් ලෙස සඳහන් වේ.
ගොලායත් ගෙම්බන් වඳ වී යෑම වැළැක්වීම සඳහා මේ වනවිට විවිධ සංරක්‍ෂණ කණ්ඩායම් වැඩසටහන් දියත් කර තිබේ. මිනිසුන් ඔවුන් ආහාරයට ගැනීම වැළැක්වීම මෙම වැඩසටහන්වල ප්‍රධාන අංගයකි. එය අරමුණු කරගෙන ජනතාව දැනුම්වත් කිරීම සඳහා ඉහත කී කණ්ඩායම් විවිධ පියවර ගනිමින් සිටී.
ගොලායත් ගෙම්බන් වෙනුවට ගොළුබෙල්ලන් ආහාරයට ගැනීම ප්‍රවර්ධනය සඳහාද වැඩසටහන් දියත්ව ඇත. මෙම වැඩසටහන්වලින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් ඇති බව සංරක්‍ෂණ කණ්ඩායම් පවසයි.
0 Comments