ලබන මාර්තු මස වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුදල් නොලැබුනහොත් රටේ අත්‍යාවශ්‍ය වියදම් සදහා සංචිතයක් තබා ගැනීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබුනේ ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේය.
තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් ඉදිරි මැතිවරණය සඳහා යන වියදම පිළිබද නිවැරදි අයවැයක් ලබාදෙන ලෙස තමා මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.
ජනාධිපතිවරයාගේ ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙසේ පළකර තිබුණි.
“අපි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර, අපගේ වියදම් ප්‍රවේශමෙන් සැලසුම් කළ යුතුයි. අයවැය හදන්නේ මුළු වසර සඳහාමයි. එබැවින් අපට තාවකාලික පදනමින් අරමුදල් නිකුත් කළ නොහැකියි. අප සාකච්ඡා කරන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අපේක්ෂිත පරිදි මාර්තු මාසයේදී නොලැබුණහොත් අපට සංචිතයක් තබා ගත යුතුයි.
මැතිවරණ පිරිවැය පිළිබඳව අපට තවම පැහැදිලි නෑ. මැතිවරණ කොමිසම එය රුපියල් බිලියන 10 ලෙස ඇස්තමේන්තු කළ නමුත් ඉල්ලුවේ බිලියන 6යි. පොලිසිය ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදලක් ඉල්ලා සිටියා. අපට දැන් තාවකාලික ගෙවීම් දැරිය නොහැකි බැවින් ඒවා අධ්‍යයනය කර නිවැරදි අයවැයක් ඉදිරිපත් කරන ලෙස මම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා.
අවශ්‍ය සියලුම මුදල් අප සතුව නොමැති නිසා මුදල් ලබාදිය යුත්තේ ප්‍රමුඛතාවලටයි. මිලියන 2.8 ක පවුල්වලට සහල් බෙදා හැරීමට, විශ්‍රාමිකයින්ට විශ්‍රාම වැටුප් සහ බංකොලොත්භාවයට මුහුණ දී සිටින කුඩා ව්‍යාපාර සඳහා සහනවලට අපි බිලියන 20 ක් වෙන් කර තිබෙනවා. මෙම ගෙවීම් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට පුළුවන් මට ඒ බව දැනුම් දෙන්න.
ආර්ථිකය විනාශ කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව තේරීම් කාරක සභා පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියන එකට මම එකඟයි. විපක්ෂය මෙය සහතික කළ යුතුව තිබුණත් ඔවුන් එහෙම කළේ නැහැ. මාර්තු තුන්වන සතිය වන විට මෙය පත්කිරීමට පියවර ගන්නා ලෙස මම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ආර්ථිකය මගේ ප්‍රමුඛතාවයයි. ආර්ථිකය දියුණු නොවුණොත් අපිට රටක් නැහැ. අප අවධානය යොමු කළ යුතු එක් ප්‍රශ්නයක් තියෙනවා. රට නැතිකරගෙන ව්‍යවස්ථාව තියාගන්න පුළුවන්ද? ව්‍යවස්ථාව ආරක්‍ෂා කළ හැක්කේ රට ආරක්‍ෂා කළහොත් පමණයි.”


0 Comments