ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව දේශීය පර්යේෂකයන් විසින් සිදුකරන ලද ජාතික අධ්‍යනයකින් හෙළිව තිබේ.
2019 වසරේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක පර්යේෂකයන්, කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය හා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද විශාල ජාතික සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හෙළිව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 23කට දියවැඩියාව ඇති අතර තවත් තුන් දෙනෙකුගේ එක් අයෙකුට එනම් සියයට 31කට රුධිරයේ ඉහළ සීනි මට්ටමක් ඇති බවට හෙළිව තිබේ.
මෙම සමීක්ෂණය, දියවැඩියාව හඳුනා ගැනීම සඳහා වන මුඛ ග්ලූකෝෂ් නිෂ්කාශන පරීක්ෂණයේ රන් සම්මත ක්‍රමය භාවිත කළ පළමු දියවැඩියාව පිළිබඳ ජාතික සමීක්ෂණ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.
ශ්‍රී ලංකාවේ දියවැඩියාවෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු (සියයට 38) පමණ හඳුනාගෙන නොමැති බව අධ්‍යනයෙන් හෙළිව තිබේ.
අධික බරින් යුතු හා වඩා හොඳ තත්ත්වයේ සිටින හෝ රටේ වඩා සංවර්ධිතන ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් තළ දියවැඩියාව බහුලව දක්නට ලැබෙන බව මෙම අධ්‍යනයෙන් හෙළිව ඇත.
බස්නාහිර, උතුරු හා නැගෙනහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයෙත් තවත් සමහර ප්‍රදේශවල එම අනුපාතය ඉහළ මට්ටමක පවතින බව හඳුනාගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිහිටියන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට (සියයට 34) දියවැඩියාව ඇතැයි හඳුනාගෙන තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාව ආසියාාවේ වැඩිම දියවැඩියා අනුපාතයක් ඇති රට මෙන්ම ලෝකයේ වැඩිම දියවැඩියා රෝගීන් අනුපාතයක් සිටින රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

0 Comments