මහ බැංකුවේ බැඳුම්කර වංචාව හරහා විශාල මුදල් සොරකම් කරන ලද බව සමගි ජන බලවේගය මතුගම ආසන සංවිධායක ජගත් විතාන මහතා සඳහන් කරයි.
අදාල දිනවලදි සිරිකොතේ කාමර සල්ලි වලින් පුරවා තිබූ බවද හෙතෙම කියා සිටියි.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
කුමාර වෙල්ගම හා රාජිත සේනාරත්න ඉතා ඉක්මනින්ම ආණ්ඩුවට එක් වනු ඇති බවත් දැනට ඇත්තේ දිනය සම්බන්ධ ගැටළුවක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.
තමන් විසින් සංවිධානය කරන ජනරැලි කිසිවක් සඳහා ඔවුන්ට සහභාගි වීමට ඉඩ නොතබන බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.


0 Comments