ජ'පුර යකා නැටූ සිසුන්ගේ පන්ති තහනම්...

 



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලහාකාරී ලෙස හැසිරෙමින් ඉකුත් 14 වැනිදා දේපළවලට අලාභහානි කළ තාක්ෂණ පීඨ සිසුන් දහසය දෙනකුගේ පන්ති තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබේ.


සිසුන්ට පහර දී තුවාල සිදු කිරීම, විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට හානියක් වන ලෙස කටයුතු කිරීම, උපාධි අපේක්ෂකයකුගේ තත්ත්වයට නොගැළපෙන අන්දමින් අවිනීතව හැසිරීම යන චෝදනා ඔවුන්ට එල්ල වී ඇත. මෙම චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබා දෙන තෙක් මෙම සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට හෝ නේවාසිකාගාරවලට ඇතුළු වීම හෝ සපුරා තහනම් වෙයි.


මහා ශිෂ්‍ය සංගමයේ බල හුවමාරුවකට අදාළව ගැටුම හටගෙන තිබෙන බව කියවෙන අතර තාක්ෂණ පීඨ සිසුන් පහර දී ඇත්තේ ශාස්ත්‍ර පීඨ සිසුන්ට ය. එදින රාත්‍රී එකොළහත් පසු දා අලුයම හතර පමණ වන තෙක් මෙම කලහකාරී තත්ත්වය පැවතී ඇත. සිසුන් කර තිබෙන දේපළ හානිය රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව එහි ආරංචි මාර්ග කීවේය. ඒ සම්බන්ධයෙන් පොලිසියට කරුණු ඉදිරිපත් කරනු ලැබ තිබේ.


මෙම සිසුන් සම්බන්ධයෙන් පොදු දේපළවලට අලාභ හානි කිරීමේ චෝදනා මත කටයුතු කරන බව පොලිසිය ද පවසයි.

Post a Comment

0 Comments