රාජපක්ෂලා උගන්ඩාවට ගුවන් යානයක් පුරවා ඩොලර් ගෙනගොස් සගවා ඇතැයි එල්ල කරන චෝදනාව අමූලික බොරුවක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කිසිවකු විසින් ඔහු එම චෝදනාව සනාථ කර එම මුදල් මෙරටට ගෙන එන්නේ නම් එම මුදලින් මෙරට සියළු ණය මුදල් ණය පියවා දැමිය හැකි බව ද හෙතෙම පවසයි.
රාජපක්ෂලා හොරකම් කළ මුදල් තමන් බලයට ආපසු ලබා ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගය පැවසුවත් ඔවුන් බලය හෙබවූ පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ද එවන් කිසිදු තොරතුරක් සොයා නොගත් බවද හෙතෙම කියා සිටියේය.
රාජපක්‍ෂලා සතුව ලොව කොතැනක හෝ එවන් ගිණුම් ඇතැයි මෙතෙක් තොරතුරු හමු වී නැති බව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වරකෙ පවසා ඇතැයිද ඔහු කියා සිටියේය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.
0 Comments