සජිත් කිවුවේ සිංහයෙක් වගේ IMF එක්ක ගණුදෙනු කරන බවයි.. වැරදි කතා කියන්න එපා..


 සමගි ජන බලවේගයේ රජයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන ආකාරය ගැන සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය වැරැදි ලෙස අර්ථකථනය කරමින් ඇතැයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඒ මහතා පැවසුවේ තම රජයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සබඳතා බිඳ දමන බවක් නොවන බවද හෙතෙම පැවසීය.

සිංහයෙක් සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවද නමුත් ඇතැමුන් විවිධ විදිහට මෙය අර්ථකථනය කරමින් ඇති බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Post a Comment

0 Comments