2023 පළාත් පාලන මැතිවරණය 2024 තෙක් කල් දැම්මට සිදුවන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශ කර ඇති පසුබිමක විපක්ශයේ දේශපාලන කණ්ඩායම් පුංච් ජන්දය ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම ගගට ඉනි කපනවා වැනි ක්‍රියාවක් බව ගාල්ල දිස්ත්‍රික් එ.ජා.ප පා.ම වජිර අභයවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගාල්ල ආරාධනා හෝටලේදි පැවති ගාල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය අමතමින්ය.වැඩ්දුරටත් අදහස් දක්වමිනි.
මන්ත්‍රීවරයා පැවසුවේ පුංචි ජන්දය ඉල්ලා උද්ඝෝෂණ කිරිමට කොළඹට වැටලිමට පැමිනෙන පිරිසට තමාට පැවසීමට ඇත්තේ සබන් සහ ෂැම්පු අනිවාර්යයෙන්ම රැගෙන පැමිනිම වඩා සුදුසු බවත් නෑම සදහා ජලය පොලිසිය විසින් සුදානම් කර තිබෙන බවය.
ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහාතා රට බංකොලොත් බාවයෙන් මුදවා ගෙන සංවර්ධනයේ නව මං පෙතක් කරා රට ගෙනයමින් ඇති මොහොතක විපක්ශයේ බලලෝබීන් පිරිසක් ජන්දයක් පවත්වන ලෙස ඉල්ලා ජනාධිපතිතුමා ගේ කකුලෙන් ඇදිම තක්කඩි ක්‍රියාවක් බව මන්ත්‍රීවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ජලනි බලවේගයේ සමාජීක්ත්වය ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නුදුරේදිම නැවත එ.ජා.ප ය සමග එක් වී නව සන්ධානයක් ගොඩනැගිමට සුදානම්න් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.
තවද 2023 වර්ෂය අවසානයේ ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සුදානමින් සිටින බවට ඇතැම් පාර්ශව පැවසුවද සැබැවින්ම රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති තුමා ජනාධිපතිවරයණයකට තරග කරනුයේ 2024 සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදි ජාතික අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුන සහා සියලු රටට හිතැති බලවේග වල සහාය ලබාගනිමින් බවත් මන්ත්‍රිවරයා පැවසීය.
– මාධ්‍ය ඒකකය
0 Comments