බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක දෙපාර්තමේන්තුවේ පුහුණුවලත් බහුකාර්ය සංවර්ධන සහායකවරුන් 2300ක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය කාර්ය සහයකවරු ලෙස බඳවා ගැනීමට කටයුතු කර තිබේ.
ඊට අදාල පත්වීම් බෙදාදීම අද (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබීය.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රජය ප්‍රතිපත්තිමය වශයෙන් සේවා ස්ථානවල වැඩ කටයුතු භාර ගෙන කටයුතු කරන්නට හැකියාව ඇති තරුණ පරම්පරාවට සෑමවිටම අවස්ථාව ලබාදෙන බවයි.
ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ තවත් මෙම සේවාවට අන්තර් ගතව සිටින 30,000කට පමණ විවිධ සේවා ස්ථානවල රැකියා අවස්ථාවට පිවිසීමට හැකි තීරණ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
0 Comments