විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ (2023) සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330 ක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
රාජ්‍ය ආයතනවලින් අනුමැතිය දියහැකි ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ අනුමැතියන් දිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් දැනට දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කළ ඔහු පැවසීය.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනෙකුත් රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය බලපත් සහ අනුමැතියන් ලබා ගැනීමේ සහ එම ලබා ගෙන ඇති බලපත්‍ර දීර්ඝ කරගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම ද උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එසේ පවසා තිබේ.
0 Comments