ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි.
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60න් අඩුකර ඇති නිසා ත්‍රිරෝද රථ ගාස්තුව කිලෝමීටරයකට රුපියල් 10කින් පහත දමන්නැයි ඇතැම් පිරිස් කරන ඉල්ලීම කිසිසේත් පිළිගත නොහැකි බද සමස්ත ලංකා ත්‍රි රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක පැවසීය.
ත්‍රිරෝද රථයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමිටර 20ක් පමණ වන අතර පෙට්‍රල් ලීටරයකට රුපියල් 60ක් අඩුකිරීම නිසා කිලෝමීටරයකින් අඩු කළ හැක්කේ රුපියල් 3ක මුදලකැයිද දිසානායක කීය.
ටයර් මිල, නඩත්තු වියදම් හා පාරිභෝගික භාණ්ඩවල අධික මිල නිසාත් ත්‍රිරෝද රථවලින් ගමන් යෑම ජනතාව බොහෝ සේ සීමාකර ඇති නිසාත් මේ වන විට කර්මාන්තය කඩා වැටී ඇතැයිද දිසානායක කිවේය.
පෙට්‍රල් මිල අඩුවීම මත කිලෝමිටරයකින් රුපියල් 3 සහනයක් ත්‍රිරෝද හිමියාට ලැබුණු නමුත් අනෙකුත් අධික වියදම් සමඟ සසඳන කළ එය සොච්චමකැයිද ඔහු පැවසීය.
එම නිසා ත්‍රීරෝද රථ ගාස්තු කිසිසේත් අඩුකළ නොහැකි බවද මෙරිල් දිසානායක කීය.
0 Comments