අඛණ්ඩ වැඩ වර්ජනයක්… බලාගාර සියල්ල අපි නතර කරනවා.. පුළුවන් දෙයක් කරපල්ලා…

 


ඊළඟ ක්‍රියාමාර්ගය අඛණ්ඩ වැඩ වර්ජනයක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

ඒ සඳහා සහාය දීමට තීරණය කර ඇති බවද එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

‘බලාගාර සියල්ල අපි නතර කරනවා.. පුළුවන් දෙයක් කරපල්ලා’ යයිද පැවසූ ඔහු වෘත්තිකයන් ඉල්ලන සියලු ඉල්ලීම් ලබා නොදුනහොත් තත්වය බරපතළ වනු ඇතැයිද කියා සිටියේය.

අද පැවති වැඩ වර්ජනයෙන් පසු කොළඹදී මාධ්‍ය අමතමින් හෙතෙම මේ අදහස් පල කරන ලදී.

Post a Comment

0 Comments