දැනටමත් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
වැඩ වර්ජන සිදු කළ යුත්තේ හිතුවක්කාර පාලකයන් මට්ටු කිරීමට මිස ජනතාව තවත් පීඩාවට පත් කිරීමට නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය උද්ඝෝෂණ වැඩවර්ජන කරන්නේ ජනතාවගේ පැත්තේ හිඳීමෙන් මිස ෆැෂන් එකට හෝ රැල්ලට නොවන බව ද හෙතෙම පැවසීය.
මේ වන විට ජීවන බරින් අසීමිතව බැටකන්න ජනතාවගේ සුබසිද්ධිය ගැන අනිවාර්යෙන්ම සිතිය යුතු බවද පවසන ඔහු ඇතැමුන් අඛණ්ඩ වැඩ වර්ජනය ගැන සඳහන් කරන නමුත් එක් දින වර්ජන ගැන පාලකයාගේ ප්‍රතිචාර ධනාත්මක ද නැද්ද යන්න ගැන සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ වෘත්තීය සමිති නායකයන් විසින් ගත යුතු බවද කියා සිටියේය.
ඊයේ දින පැවති වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය.


0 Comments